වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එබැවින් ඒවා සම්මත කර ගැනීමට විශේෂ බහුතරයක් අවශ්‍ය බවත්, සමහර වගන්තිවල ජනමත විචාරණයකදී සම්මත වීමට අවශ්‍ය බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ සැසිවාරය ආරම්භ වන විට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශයට පත්කළා.
පනතට එරෙහිව පෙත්සම් 19 ක් සහ ඊට සහාය පළ කරමින් පෙත්සම් 13 ක්ද මීට පෙර ගොනු කර තිබුණා.
පෝර්ට් සිටි ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (19) ආරම්භ වන අතර එය දින දෙකක් පුරා පැවැත්වීමට නියමිතයි.



