සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයා 2019 වර්ෂයේ දෙසැම්බර් 18 දින සුසන්ත මහතාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළ අතර තමන් මෙම තනතුරු භාර ගනු ලැබුවේ එක් වසරක් සඳහා බවත් ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉල්ලා අස් වූ බවත් ඒ මහතා මාධ්‍ය වෙත පවසා තිබුණි.
ඒ බව ජනාධිපතිවරයා වෙත දන්වා යැවූ බවත් ඔහු පවසයි.
වසර 30 කට අධික කළමනාකරණ පළපුරුද්දක් ඇති සුසන්ත රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩ්න්ස් පී.එල්.සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත.