ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවයේ අවසන් දිනය වූ ඊයේ (29) දිනයේ දී රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් තරගාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනා.
දිනයේ වඩාත් අවධානයට ලක්වූ ක්‍රීඩිකාව බවට පත්වෙමින් කාන්තා මීටර් 200 ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට යොවුන් ක්‍රීඩිකා මේධානි ජයමාන්න හට හැකි වූ අතර ඇය එහි දී ඉන්දීය සුපිරි ක්‍රීඩිකා හිමාදාස් අභිබවා යාමට ද සමත් වුනා.
ඇයගේ පුංචි අම්මා වන ඔලිම්පික් ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියගේ අඩි පාරේ යමින් තවමත් උසස් පෙළ සිසුවියක් වන මේධානි, එම තරගය තත්පර 24.08ක කාලයකින් දෙවැන්නා ලෙස අවසන් කිරීමට සමත් වූ අතර එහි දී ඇයට මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ පරිසාධන මට්ටම වූ තත්පර 24.35ක කඩයිම පසුකරමින් එයට සුදුසුකම් ලබා ගැනීමට හැකි වීම ද විශේෂත්වයක්.
