30 C
Colombo
Friday, May 17, 2024

වැලිකන්දේ සැකකටයුතු කාන්තා මරණයක්

- Advertisement -

වැලිකන්ද, මුතුගල, සෙවනපිටිය ප්‍රදේශයේ ඊයේ (18) අළුයම කාන්තාවක සැකකටයුතු ලෙස මියගොස් ඇති බවට වැලිකන්ද පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එහිදී මරණකාරිය සිය දියණිය, බෑනා, බෑනාගේ මව සහ දියණියගේ දරුවන් සමඟ එක් නිවසක පදිංචිව සිට ඇති අතර, පසුගිය 17 වැනිදා රාත්‍රියේ බීමතින් පැමිණි බෑනා දියණිය සමඟ ඇති කරගත් ආරවුලක් සමතයකට පත් කිරීමට යාමේදී බෑනා විසින් මෙම මරණකාරිය පසෙකට තල්ලු කර දමා තිබෙන බවට අනාවරණය වූ බව පොලිසිය පවසනවා.

එහිදී බියට පත් වූ නිවසේ සිටි පිරිස යාබද නිවෙසක් වෙත ගොස් ඉන් අනතුරුව අළුයම පොලිස් නිලධාරීන් සමඟ නිවෙස පරීක්ෂාකිරීමේදී අදාල මරණකාරිය සාලයේ වැටී සිටිනු දැක තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුතුගල, සෙවනපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වූ කාන්තාවක්.

කෙසේ නමුත් මෙම මරණය සැකසහිත බවට පොලිසිය නිගමනය කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 43ක් වූ ඇයගේ බෑනා සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘතදේහය පොළොන්නරුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂණය එලඹෙන 22වැනි දා සිදු කිරීමට නියමිත බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැලිකන්ද පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...