29 C
Colombo
Saturday, July 27, 2024

කලාපීය හා අන්තර්ජාතික ත්‍රස්ත සංවිධාන අතර හවුලකින් දකුණු ආසියාවේ ආරක්ෂාව අනතුරක

- Advertisement -

කලාපීය සහ ⁣ගෝලීය ත්‍රස්ත සංවිධාන අතර සහයෝගීතාවයක් ගොඩනැංවීම හේතුවෙන් දකුණු ආසියානු කලාපයේ ආරක්ෂාව අනතුරකට මුහුණදී ඇතැයි අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ප්‍රංශය කේන්ද්‍ර කොටගත් ත්‍රස්තවාදය සහ ආරක්ෂාව පිළිබද විශ්ලේෂණ මධ්‍යස්ථානය මගින් නිකුත් කර ඇති වාර්තාවක මේ බව සදහන් වේ.

ඊට අනුව අල්කයිඩා, අයිඑස්අයිඑස් වැනි ගෝලීය ත්‍රස්ත සංවිධාන සහ කලාපීය ත්‍රස්ත සංවිධාන වන ලක්ෂාර් ඊ තයිබා, ජායිස් ඊ මොහොමඩ්, තරෙක් ඊ තලේබාන් ඉන් පකිස්තාන් වැනි සංවිධාන අතර සහයෝගීතාවයක් ගොඩනැගෙමින් තිබේ.

⁣ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමත් සමඟ මෙම සබදතා ප්‍රචණ්ඩ ක්‍රියා සහයෝගීතාවයක් දක්වා වර්ධනය විය හැකි බව එම වාර්තාවේ දැක්වේ.

මෙය දකුණු ආසියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණාත්මක බවත් ඒ පිළිබද අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවත් අදාළ වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...