කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සුව වූ භාරකරුවන් නොමැති රෝගීන් විශාල පිරිසක් රැඳී සිටීම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාමේදී ගැටලුකාරී තත්වයක් පැනනැගී තිබෙනවා.
සුව වූ රෝගීන් පස්දෙනෙකු පමණ දිනපතා රෝහල තුළ රැඳී සිටින බවටයි වාර්තා වන්නේ.
මේ සඳහා අමතර වියදමක් දැරීමට රෝහල් පරිපාලනයට සිදුව තිබෙනවා.
රෝග සුව වූ ඇතැම් පුද්ගලයන්ට සිය නිවෙස්කරා යන ආකාරය නොදන්නා බවත් කවුරුන් හෝ තම ඥාතියකු එසේ රෝහල්ගතව සිටි නම් ඔවුන් පිළිබඳව සොයා බලා නිවෙස්කරා රැගෙන යාමට කටයුතු කරන ලෙසත් රෝහල් බලධාරීන් අවධාරනය කරසිටිනවා.
මෙම තත්වය කොළඹ ජාතික රෝහල, දකුණ කොළඹ ශික්ෂණ රෝහල ඇතුළු තවත් ප්‍රධාන රෝහල් කිහිපයකම දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.