30 C
Colombo
Thursday, June 8, 2023

තලේබාන් සංවිධානය අල්ලාගත් ප්‍රදේශවල කොල්ලකෑමේ යෙදෙන බවට චෝදනා

- Advertisement -

මේ වනවිට ඇෆ්ගනිස්තානයේ ප්‍රදේශ ගණනාවක බලය තහවුරු කරගෙන සිටින තලේබාන් සංවිධානය අලුතින් අල්ලාගත් ප්‍රදේශවල දේපල කොල්ලකෑමේ යෙදෙන බවට චෝදනා එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් රාජ්‍ය ආයතනවල දේපල මෙන්ම පෞද්ගලික දේපලද කොල්ලකෑමේ නිරතවන බවයි.

නිම්රෑස් පළාතේ සරාන්ජ් අගනුවර අල්ලාගත් තලේබාන් සාමාජිකයන් එහි රාජ්‍ය ආයතනවලට ඇතුලු වී සියලු වටිනා දේපළ පැහැරගෙන ගොස් ඇති බව ප්‍රාදේශීය බලධාරීන් වී⁣ඩියෝ සාක්කි සහිතව කරුණු දක්වා තිබේ.

තලේබාන් සංවිධානය සාමයට කැමති බවටත් රට දියුණු කරන්නට අවශ්‍ය බවටත් ප්‍රකාශ කළ ද ඔවුන්ට එවැනි උවමනාවක් නොමැති බවට ඇතැම් ඇෆ්ගනිස්තාන වැසියෝ චෝදනා කරති.

ඔවුන් සදහන් කරන්නේ බන්ධනාගාරවල සිරකරුවන් මුදාහරිමින් දේපළ පැහැරගෙන යමින් තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානය ආගාධයට ඇද දමන බවයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...