28 C
Colombo
Saturday, July 27, 2024

රහස් අවි ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඇෆ්ගනිස්තානය තුළ පවතින නවීන අතහැර දැමූ අවි දකුණු ආසියාවේ ආරක්ෂාවට බරපතල බලපෑම් ඇතිකරනු ඇතැයි අයිතිවාසිකම් සහ ආරක්ෂාව සඳහා වූ ජාත්‍යන්තර සංසදයේ වාර්තාවක් (IFFRAS) අනතුරු අඟවා තිබේ.

ඇමරිකානු සහ නේටෝ හමුදා විසින් අතහැර දමා ගිය මෙම අවි ත්‍රස්තවාදයට යොදා ගැනීමට ඉ‍ඩ නොතබන බවට තලේබාන් සංවිධානය සහතික වී තිබිණ.

එහෙත් ඊට පටහැනිව, මෙම අවි ඇෆ්ගනිස්ථානයේ ආයුධ වෙළඳපොළ තුළ විකිණෙමින් ඇති බව විදෙස් වාර්තා පවසයි.

දැනටමත් මෙම අවි පාකිස්තානයට හොර රහසේ ගෙන යන බවත් ඒවා අවසානයේ ඉන්දියාවට එරෙහිව දේශසීමා සටන් සඳහා භාවිත කිරීම‍ට පවා ඉඩ ඇති බවත් අදාළ සංසදය සදහන් කරයි.

මෙම නීතිවිරෝධී අවි ජාවාරම පාලනය නොකළහොත් විශාල වන්දියක් ගෙවීමට ඇෆ්ගනිස්තානයට මෙන්ම පාකිස්තානයට ද සිදුවනු ඇති බවට එම සංසදය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එක්සත් ජනපදය විසින් සාදන ලද ආයුධ සහ මිලිටරි උපාංග ඇෆ්ගන් ආයුධ වෙළෙන්දන් විසින් විවෘතව වෙළඳසැල්වල වෙළඳාම් කරනු ලබන බවත් මෙම ආයුධ වැඩි වශයෙන් අලෙවි කරනු ලබන්නේ ඇෆ්ගන්-පකිස්තාන දේශසීමාවේ ගෝත්‍රික ප්‍රදේශවල ආයුධ වෙළඳපොළෙහි බවත් පැවසේ.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...