31 C
Colombo
Saturday, June 10, 2023

තලේබාන්වරුන්ගෙන් සාමාන්‍ය වැසියන්ට වෙඩි සහ කස පහර

- Advertisement -

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපල මාර්ගයේ රැදී සිටි සාමාන්‍ය වැසියන් වෙඩි තබා පළවා හැරීමට තලේබාන් සාමාජිකයන් කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සාමාන්‍ය වැසියන් පළවා හැරීම සදහා තලේබාන්වරුන් කස පහර, වෙිවැල් පහර මෙන්ම බැටන් ප්‍රහාර ද එල්ල කර ඇති බවයි.

මෙහිදී කාන්තාවන්, ළමුන් ඇතුළු පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තලේබාන් සංවිධානය කාබුල් නගරය අල්ලා ගැනීමත් සමගම දහස් සංඛ්‍යාත ජනකායක් ඇෆ්ගනිස්තානයෙන් පිටවීම සදහා එරට ගුවන් තොටුපල ආසන්නේ රැදී සිටිති.

කාබුල් ගුවන් තොටුපලෙන් පිටත් වූ ඇමරිකානු යානයක පිටතින් එල්ලී ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ඉන් ඇද වැටී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ද මීට දින කිහිපයකට පෙර වාර්තා විය.

ගුවන් යානාවලට ගොඩවීමේදී ඇතිවූ තෙරපීම් සහ තත්වය පාලනය කිරීම සදහා සිදුකළ වෙඩි තැබීම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව ද නවයක් පමණ වෙතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...