31 C
Colombo
Sunday, June 4, 2023

තලේබාන් නැගිටීමත් සමග ලෝකයම ජිහාඩ් යුද අවදානමක

- Advertisement -

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තාන තුළ නැගී සිටීමත් සමග ලෝකයම යළිත් ජිහාඩ් යුද්දයක අවදානමකට මුහුණ දී ඇති බව අයීතීන් සහ ආරක්ෂාව උදෙසා වන සංසදය පෙන්වා දී තිබේ.

කැනඩාව පදනම් කරගත් මෙම සංවිධානයට අනුව 2001 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ කෙළවරකට සීමා වී සිටි තලේබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ විශාල ප්‍රදේශයකට සිය බලය ව්‍යාප්ත කර ඇත.

ඉදිරියේදී ඇෆ්ගනිස්තානයේ සමස්ත බලය තලේබාන් සංවිධානය සතුවීමේ අවදානමක් ඇති අතර ඒ සමගම අල්කයිඩා වැනි සංවිධානවලට යළිත් වතාවක් ඇෆ්ගනිස්තානය සිය ආරක්ෂක පාරාදීසය බවට පත් කර ගැනීමට අවස්ථාව හිමිවන බව එම සංවිධානයේ අදහසයි.

දැනටමත් තලේබාන් සංවිධානයට අමතරව, අල්කයිඩා ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන විස්සක් පමණ ඇෆ්ගනිස්තානයේ යුද්දයකට මැදිහත්ව සිටින බව හෙළිවී තිබේ.

මේ හේතුවෙන් ලෝකයේ සියලු රටවල් මේ සම්බන්ධයෙන් පුලුල් අවධානයක් යොමු කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...