28 C
Colombo
Saturday, July 27, 2024

තරුණියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට මෝස්තර නිරූපණ ගුරුවරයෙක් අත්අඩංගුවට

- Advertisement -

මෝස්තර නිරූපණය පිළිබඳ පන්තියකට සහභාගී වූ 19 හැවිරිදි තරුණියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විලාසිතා නිර්මාණ ශිල්පියෙකු වන එම පන්තියේ ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ , පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු දුරකථන පණිවුඩයකට අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු ඊයේ (14) අත්අඩංගුවට ගත් බවයි.

මාවතගම නගරයේ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක පවත්වාගෙන යන මෝස්තර නිරූපණ ශිල්පය විෂයය ඉගෙන ගැනීමට අදාළ තරුණිය ඊයේ (13) පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම හට ගෙන තිබෙනවා.

එහිදී අදාළ පන්තිය අවසන් වනවිට පැවැති අධික වර්ෂාව හේතුවෙන් එම තරුණිය ඇතුළු තවත් තරුණියන් තිදෙනෙකු කෙටි වෙලාවක් එහි නතරවී සිට තිබුණා.

අනතුරුව  මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන සැකකාර ගුරුවරයා අදාළ තරුණියන් සමග මත්පැන් පානය කර තිබෙන බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

පසුව අනෙක් තරුණියන් තිදෙනා පිටව ගොස් ඇති අතර අදාළ තරුණිය අධික ලෙස මත්වීමෙන් පසු එහි නතරවී ඇති අතර, පොලීසිය සඳහන් කළේ එහිදී අදාළ ගුරුවරයා මෙම අපරාධය සිදුකර ඇති බවයි.

ඒ අනුව, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මෝස්තර නිරූපණ ශිල්පය උගන්වනු ලබන ගුරුවරයාව මාවතගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවතගම අරම්පොලවත්තේ පදිංචි 40 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.

අතවරයට ලක්වූ තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...