31 C
Colombo
Saturday, July 27, 2024

චක්‍රලේඛ ගැහුවට වර්ජනයේ නිරත ගුරුවරු විදුහල්පතිවරු පාසල්වලට එන්නෙ නැහැ – ගුරු සංගම්

- Advertisement -

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල්වලට කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කළද වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත ගුරු – විදුහල්පතිවරුන් පාසල්වලට පැමිණීමෙන් වැලකී සිටින බව ලංකා ගුරු සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසන්නේ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් මේ වන විටත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටින බැවින් කිසිදු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු පාසලට පැමිණීම සිදු නොකල යුතු බවයි.

ඊඩී/09/12/06/01/02/2021 හා 2021.08.01 දිනැති ලිපියෙන් දක්වා තිබුණේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ 02/2021(111) හා 2021.07.30 දිනැතිි චක්‍රලේඛයේ උපදෙස් අනුව සියලුම පාසල්වල අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩල කටයුතු කළ යුතු බවයි.

කෙසේ වෙතත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ මේ වන විටත් ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට බලකරමින් සියලු ගුරු – විදුහල්පතිවරු නිරතව සිටින වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාව දැනුවත් කර ඇති බවයි.

එමෙන්ම 2021.08.03 වන දින අධ්‍යාපන අමාත්‍යවරයා පවත්නා තත්ත්වය පිළිබදව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන තත්ත්වයකදී මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

එම නිසා කිසිදු ගුරුවරයෙකු හෝ විදුහල්පතිවරයෙකු පාසලට නොයායුතු බවත් එම ගුරුවරුන් හා විදුහල්පතිවරුන් වෙනුවෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පෙනී සිටින බවත් ඔවුන් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...