28 C
Colombo
Saturday, July 27, 2024

ගුරු – විදුහල්පතිවරුන් හෙට දැවැන්ත උද්ඝෝෂණයක

- Advertisement -

හෙට (12) දහවල් 1න් පසු සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු නතර කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.

ඒ අනුව, හෙට දහවල් සාමාන්‍ය පෙළ ඇගයීම් මධ්‍යස්ථාන 101 ඉදිරිපිට සහ දිවයින පුරා කලාප කාර්යාල 100ක් ඉදිරිපිට ගුරු – විදුහල්පති දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සිදුකරන බවත් ඔහු සඳහන් කළා.

ගුරු – විදුහල්පති වැටුප් දීමනාව ඉවත් කිරීම, අධ්‍යාපනයේ බර දෙමව්පියන් මත පැටවීම වහා නතර කිරීම යන ඉල්ලීම් මුල් කරගෙන හෙට පාසල් අවසන්වීමෙන් පසු මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට නියමිතයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජෝසප් ස්ටාලින් මහතා,

“දැන් සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු සිදුවෙනවා. මේ සාමාන්‍ය පෙළ ඇගයීම් සඳහා ලබා දෙන දීමනාව මේ වන විටත් ලබාදීලා නැහැ.දීමනා වැඩි කිරීමක් සිදු කරලත් නැහැ. හෙට සාමාන්‍ය පෙළ විභාගය ඇගයීම් කටයුතු 1න් පස්සේ නතර කරනවා. මේක විභාග කොමසාරිස්වරයාට අපි ලිඛිතව දැනුම් දීලා තියෙන්නේ. අපේ ස්ථාවරය තමයි මේ වර්ෂය තුළ ගුරු – විදුහල්පති වැටුප් සමතාව වෙනුවෙන් මුදල් වෙන් කර යුතුමයි කියන එක.”

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...