30 C
Colombo
Monday, March 20, 2023

ස්ථිරව කොහෙට හරි යනකන් ගෝඨා තායිලන්තයේ ඉන්නවා – තායිලන්ත අගමැති

- Advertisement -

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනත් රටක ස්ථිර රැකවරණය ලැබෙන තුරු තාවකාලිකව තායිවානයේ රැඳී සිටින බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මහතා ඊයේ (10) තහවුරු කළ බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරනවා.

තමාට ස්ථිර රැකවරණය ලබා දෙන වෙනත් රටක් ලැබෙන තුරු සිය රට තුළ දේශපාලන කටයුතු සිදු නොකරන බවටද ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වූ බවද තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා තිබෙනවා.

තායිලන්ත විදේශ අමාත්‍යාංශයද ප්‍රකාශ කළේ තායිලන්තයට පැමිණීම සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් ලැබී ඇති නමුත් ඔහු එරටින් දේශපාලන රැකවරණ පතා නොමැති බවයි.

දෙරට අතර වීසා නිදහස් කිරීම පිළිබඳ 2013 ගිවිසුමට අනුව රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් රැඳී සිටීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු විරෝධයක් නොදක්වන බවද තායිලන්ත විදේශ අමාත්‍යංශය සදහන් කරනවා.

ජුලි 13 වැනි දින ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනට පලා ගිය අතර පසුදා ඔහු සංචාරය වීසා මත සිංගප්පූරුවට පලා ගිය අතර එම කාලය තුළ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ලබාදී ඉන් අනතුරුව දීර්ඝ කාලයක් එහි රැදී සිටියා.

RECENT ARTICLES - SINHALA

අපි කෘතිම බුද්ධිය ගැනත් පාසල්වල උගන්වනවා – ඇමති සුසිල්

මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල්...

පොලිස්පතිගෙන් සියළු පොලිස් ස්ථානවලට විශේෂ දැනුම් දීමක්

0
පොලීසිය විසින් සිදුකරන වැටලීම්, මෙහෙයුම්, සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීම්, අත්අඩංගුවට ගැනීම ආදිය සම්බන්ධව වීඩියෝ දර්ශන, පින්තුර මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ප්‍රචාරය කිරීම සියලුම...

විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයට ඇමති ගෝලයෝ පහරදීලා

දිවුලපිටිය - ගොඩිගොමුව ප්‍රදේශයේදී විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සාමාජීකයින් කිහිපදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා. විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව එම සංගමය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.