රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්කිස්ස මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය අද (14) නියෝග කළා.
ඉකුත් ජනවාරි මස පළමු වනදා බැකෝ යන්ත්‍ර යොදා කඩා ඉවත් කිරීමට කටයුතු කරන ලද දෙහිවල වෙරළ තීරයේ ඉදිකර තිබූ හෝටලයේ තාප්පයක් ඉදිකරමින් සිටි පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
ගල්කිස්ස විශේෂ විමර්ශන අපරාධ ඒකකය හා දෙහිවල පොලීසිය එක්වී සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණු ලැබුවා.