31 C
Colombo
Wednesday, March 29, 2023

අවුරුදු 25 ක අලවතුගොඩ කසල අංගනය අද මලෙන් සහ ඵලෙන් පිරුණු වගා බිමක්

- Advertisement -

අකුරණ බල ප්‍රදේශයේ පමණක් නොව ශ්‍රී ලංකාව පුරාවට තිබෙන විශාල ප්‍රශ්නයක් නම් කසල බැහැර කිරීම/කසල කලමණාකරනය කිරීම යැයි කියන්නට පුලුවන්. වර්ථමානය වන විට මෙම ප්‍රශ්නය විසදීම ඉතාම අපහසු කාර්‍යක් බවට පත්වී තිබීම පුදුමයක් නොවේ. අන්තර්ජාතික වශයෙන් මෙම ප්‍රශ්නය විසදීම සදහා ලෝ රටවල් තරග කරමින් පවතින තත්ත්වයක් හමුවේ ප්‍රාදේශීය සභාවක සභාපතිවරයෙක්ට සහ එකී අයිති බල ප්‍රදේශයක් තුළ පමණක් එම ප්‍රශ්නය විසදීම සිහිනයක් පමණි.

අවුරුදු විසි පහකට වඩා අධික කාලයක් තිස්සේ පෙර දක්වාම අකුරණ ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයට තිබූ විශාල ප්‍රශ්නයක් නම් කසල ගැටලුවයි. මාර්ගය දෙපස කසල/ ඇල මාර්ගය දිගේ ජලයට කුණු බැහැර කරන පුද්ගලයන්ගේ සංඛ්‍යාව අධිකයි. පොලිතීන් ප්ලාස්ටික් වීදුරු මුලුතැන්ගේ කසල සියල්ල එකම මල්ලක් තුළ, අකුරණ ප්‍රාදේශීය සභාවට තිබූ එකම කසල අංගනය වූයේද අලවතුගොඩ පිහිටි යාලුගහවෙලයි.

මෙම හේතූන් මත යාලුගහවෙල මිනුසින්ගේ ජීවිත කම්කටලු රාශියක් මැද්දේ අතරමග නතර වෙලා තිබීය, මල මිනියක් තියන්නේද මැස්සන්ගේ රාජධානී මැද්දේ, විවිධ වූ රෝගයන් වලට අඩුවක්ම නැහැ, නිතර යාලුගහවෙල මිනිසුන් උද්ඝෝෂණයන්, තාරුණ්‍යන්ගේ අනාගත බලාපොරොත්තූන් ඉලක්ක මැකී යාමේ අදුරු වලාවකයි.

අකුරණ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති
ඉස්තිහාර් ඉමාදුදීන් මැතිතුමා 2018 වසරෙහි සභාපතිධූරය භාරගන්නේ මෙවන් විශාල අභියෝගයක් මැද්දේය. එතුමන්ගේ රාජකාරීයන්ගෙන් ප්‍රථම වරටම අඩි තබන්නේද මෙම ප්‍රශ්නය විසදීම සදහාය. ක්‍රමානුකූලව මෙහයවීමක් තුළින් ශ්‍රේෂ්ඨ කාර්‍ය මණ්ඩලයක් සහ සහයෙන් යුක්ත මන්ත්‍රී මණ්ඩලයක් සමගින් මෙම ප්‍රශ්නය විසදීම සදහා යාලුගහවෙල සහ කැලෑවන් තුළින් වැසී ගිය යාලුගහවෙල ඕවිස්ස කසල අපහරණ භූමිය සංවර්ධන කරන්නට ආරම්භ වීය. අවුරුදු විසි පහක් තිස්සේ රැදී තිබූ කසල සියල්ල සහමුලින්ම නිසි පරිදි ඉවත් කිරීම සිදු කරන ලදී.

ගරු සභාපති තුමන් 2018 දෙසැම්බර් මාසය වන විට කීවේ ?

“යාලුගහවෙල කසල අංගනයේ කසල සියල්ල අවුරුදු දෙකක් ඇතුලත සම්පූර්ණයෙන් ම ඉවත් කර ස්ථීර විසදුමක් ලබාදෙනවාමයි”

එය යථාර්ථයක් කරමින් මාස කිහිපයක් ගතවන විට ම එම පරිසරය ශුද්ධ පවිත්‍ර වන්නට විය. නිතර මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ සහ නිතර කොමසාරීස් තුමාගේ අධීක්ෂණය යටතේ ද අකුරණ ප්‍රාදේශීය සභාවේ මෙම වැඩපිළිවෙත් තිබුණි. දිරාපත් වන කසල දඹුල්ල නගර සභාවට යැවීමේ ගිවිසුමකටද අත්සන් තබන්නට විය.

වරක්ද ගරු සභාපතිතුමන් කීවේ මෙම කසල ප්‍රශ්නය සදහා සහමුලින්ම මා තිත තියන්නට මට අවුරුදු දෙකක කාලයක් අවශ්‍ය වන බවය. එහෙත් අවුරුදු දෙකකටත් වඩා අඩු කාලයක, අවුරුදු එකහමාරක් තුළම මෙම කසල ප්‍රශ්නය විසදීමට මහගු උත්සහයක් දැරුවේ යාලුගහවෙල අංගනයට කසල දාහකයක් අවශ්‍ය බවත් එය තුළින් කසල ප්‍රශ්නය 90% ක් විසදන බවත්ය.

බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නය වූයේ,
” ප්‍රාදේශීය සභාවකට කසල දාහකයක් තරම් විශාල තාක්ෂණික මෙවලමක් ගැනීම අපහසුයි නේද ?

ගරු සභාපතිතුමන්, ගරු මන්ත්‍රීවරුන් සහ අකුරණ ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය දැක්වූ අසහය කැපකිරීම සහ කසල දාහකය මිලදී ගැනීම සදහා ගත් මහගු උත්සහය හමුවේ ටෙන්ඩර් කැදවා ටෙන්ඩර් අත්සන් කිරීමද පසුව සිදුකරන ලදී.

අවුරුදු විසිපහකටත් වඩා අධික කාලයක් තිබූ කසල ප්‍රශ්නයට තිත තබමින් ජනතා සිහිනය සැබෑ කරමින් කසල කලමණාකරනය සදහා ස්ථාවර විසදුම් පසුබිමක් නිර්මාණය කිරීම සහ බල ප්‍රදේශය සාධනීය මට්ටමකට ගෙන ඒම පිණිස මිලියන පනහක අති දැවැන්ත ව්‍යාපෘතිය නිමා වන්නට වීය. මේ මගින් දිරාපත් නොවන කසල පවා විශාල ටොන් ප්‍රමාණයක්, කිසිම ආකාරයකින් දුමකින් තොරව ඉතාම සුළු වෙලාවක් තුළ දහනය කොට ස්වභාවික පොහොර ලෙස නැවැත භාවිතා කිරීමේ හැකියාවක් ඇත. මෙමගින් පරිසරයට ද බලපෑමක් වන්නේ නැත. කසල කලමණාකාරය ද මනා ක්‍රමානුකූල වී ඇති අතර කසල දිනපතා ගැනීමේ ස්ථාවර වැඩපිළිවෙලක්. ද බල ප්‍රදේශයේ තුළ ක්‍රියාත්මක වෙයි.

මධ්‍යම පළාතේ ම ප්‍රථම වතාවට මෙවන් දැවැන්ත ව්‍යාපෘතිය අද වන විට අවුරුද්දකටත් අධික කාලයක් මෙසේ සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන අතර අද වන විට යාලුගහවෙල කසල අංගන පරිශ්‍රය මල්පැල, එළවලු තවාන, පලතුරු වගා, ආදීයන්ගෙන් පිරුණු වගාබිමක් වශයෙන් ද සකසා අකුරණ ප්‍රාදේශීය සභාව විසින් ඉතාම ක්‍රමානුකූල අන්දමින් පවත්වාගැනීම සිදුකරයි. මෙවන් දැවැන්ත ව්‍යාපෘතීන් නිර්මාණය කරමින් සාධනීය මට්ටමක් දක්වා බල ප්‍රදේශය සකසා කසල අංගනයක් තුළ වගාබිම් සකසා එයින් ඵල නෙලා පරිසර හිතකාමී වැඩපිළිවෙත් ද අකුරණ ප්‍රාදේශීය සභාව විසින් දියත් කිරීම සමස්ථ ශ්‍රී ලංකාවට ම මෙය ආදර්ශයක් වන කරුණක් නොවන්නේද !

– අල්තාෆ් මොහොමඩ් –

RECENT ARTICLES - SINHALA

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...