33 C
Colombo
Monday, May 13, 2024

විශ්ව රූ රැජිණ කිරුළට සැරසෙන අවුරුදු 60 සුරූපිනිය

- Advertisement -

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් ප්‍රදේශයේ රූ රැජිණ කිරුළ දිනා ගැනීමට 60 හැවිරිදි වියේ පසුවන ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් (Alejandra Rodríguez) සමත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඇගේ වයසටත් වඩා හරි අඩක් පමණ වූ තරගකරුවන් 34 දෙනෙක් පරාජය කරමින් ඇය එලෙස කිරුළ දිනාගෙන තිබෙනවා.

ඒ අනුව, ඇලෙජන්ඩ්‍රා ලබන මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ආර්ජන්ටිනාවේ විශ්ව රූ රැජින සඳහා පැවැත්වෙන ප්‍රධාන තරගය සඳහා බුවනෝස් අයර්ස් ප්‍රදේශය නියෝජනය කිරීමට නියමිතයි.

එම තරගයෙන් ඇය ජයග්‍රහණය කළහොත් ලබන සැප්තැම්බර් 28වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත විශ්ව රූ රැජිණ කිරුළ සඳහා ආර්ජන්ටිනාව නියෝජනය කරමින් තරග වැදීමට ඇයට අවස්ථාව හිමි වනු ඇති.

මේ වන තෙක්ම වැඩිහිටි කාන්තාවකට රූ රැජිණ කිරුළ කිරුළකට තරඟ කිරීමට නොහැකි වී ඇති අතර මෙය එසේ වූ පළමු අවස්ථාව වනවා.

විශ්ව රූ රැජිණ තරඟයට, තරඟ කිරීමට අවසර දී ඇත්තේ වයස අවුරුදු 18ත් – 28ත් අතර වයසේ පසුවන කාන්තාවන්ට පමණයි.

නමුත් මෙවර එම වයස් සීමාව ඉවත් කර ඇති අතර විශ්ව රූ රැජින සංවිධානය නිවේදනය කර තිබෙන්නේ මේ වසරේ සිට වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කාන්තාවක් තරඟ කිරීමට සුදුසුකම් ලබන බවයි.

ඒ අනුව, 60 හැවිරිදි වියේ පසුවූ ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස්ට තරගය සඳහා අයැදුම් කිරීමට අවස්ථාව හිමිවනවා.

ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් වෘත්තියෙන් නීතිඥවරියක් සහ මාධ්‍යවේදිනියක්.

ඇලෙජන්ඩ්‍රා විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා තිබෙන්නේ තමන්ගේ පරම්පරාවේ කාන්තාවන් නියෝජනය කිරීමට ආසාවෙන් සිටි බවත්, 2024 විශ්ව රූ රැජින කිරුළ සඳහා හොඳින් තරග කිරීම තම අධිෂ්ඨානය බවයි.

සුන්දරත්වයට කල් ඉකුත්වන දිනයක් නොමැත, ලස්සන වීමට නම් ඔබ, ඔබ ගැන විශ්වාසය තබා අව්‍යාජ විය යුතු බව ඇය වැඩිදුරත් පවසා තිබෙනවා.

මේ අතර ලෝක රූ රැජිණ තරගය නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඩොමිනිකන් ජනරජයෙන් ද 47 හැවිරිදි වියේ පසුවන හයිඩි කෲස් නම් යෝග්‍යතා විශේෂඥ සහ සෞඛ්‍ය පුහුණුකාරිනියක් සිටින බවට වාර්තා වනවා.

ඇය මේ වනවිට ඩොමිනිකන් ජනරජයේ රූ රැජින බවට පත්වීම සඳහා තරග කරමින් සිටින බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් රූපලාවන්‍යට වයස් සීමාවක් නොමැති බව ඇලෙජන්ඩ්‍රා රොඩ්‍රිගස් සහ හයිඩි කෲස් මේ වනවිට ඔප්පු කර අවසන්.

RECENT ARTICLES - SINHALA

සොබාදහම යළිත් මට අවස්ථාව ලබා දුන්නා – මුජිබර්

අවංකව අභියෝග භාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම හෙතුවෙන් සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ජෙරම් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකර තිබෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරි සති දෙක තුළ ගොණු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නීතිපතිවරයාට...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...