ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයින් පවසනවා.
වසර විස්සක් සිංගප්පුරුව පාලනය කිරීමෙන් අනතුරුව ලී සිය බලතල අද (15) රාත්‍රියේ එරට නියෝජ්‍ය අගමැති සහ මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලෝරන්ස් වොන්ග් ට භාරදීමට නියමිතයි.
1965 දී නිදහස් දේශයක් බවට පත්වූ සිංගප්පුරුව එතැන් සිට මේ දක්වා වූ වසර 59ක් එරට පාලනය කර ඇත්තේ අගමැතිවරු තිදෙනෙක් පමණයි.
ඔවුන් තිදෙනාම මහජන ක්‍රියාකාරී පක්ෂ සාමාජිකයින් වන අතර එරට පළමු අගමැති වූයේ ලී ක්වාන් යූ.
ඔහු වර්තමාන අගමැතිවරයාවු ලී සියෙන් ලූන්ග් ගේ පියා වන අතර සිංගප්පුරුව වසර 25 පාලනය කළ ඔහු සැලකෙන්නේ නූතන සිංගප්පුරුවේ නිර්මාතෘවරයා ලෙසටයි.
මෙම බල හුවමාරුවත් සමගම එරට දේශපාලන නායකත්වය “ලී පවුලේ” සෙවනැල්ලෙන් මිදීමක් ලෙස දැක්විය හැකි බවය දේශපාලන විචාරකයින් පවසනවා.
එහෙත් වර්තමාන අගමැතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ ඡ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කිරීමට නියමිතය.
අග්‍රාමාත්‍යවරයා ලෙස සිය අවසන් මාධ්‍ය හමුවට එක්වු ලී, තමාට දුන් සහාය සම්බන්ධයෙන් සිංගප්පුරු වැසියන්ට සිය ප්‍රණාමය පුද කර සිටියා.
“මම අන් සියලුදෙනාට වඩා වේගයෙන් දුවන්න උත්සාහ කළේ නෑ. මම උත්සාහ කළේ සියලුදෙනාම මමත් එක්ක දුවන තත්ත්වයට ගෙන ඒමට…මම හිතන්නේ අපි ටිකක් සාර්ථක වුණා…”