26 C
Colombo
Friday, May 17, 2024

ගුවන් සෙබළා‌ගේ තුවක්කුව ගුවන්තොටේදී ඉබේ පත්තු වෙලා

- Advertisement -

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබෙන බව වාර්තා වනවා.

අද (30) උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ T 56 වර්ගයේ ගිනි අවිය එසේ වැරදීමකින් පත්තු වී තිබූ අතර, කිසිදු ජීවිත හානියක් එයින් සිදුවී නොමැති බවද වාර්තා වනවා.

මේ වනවිට මෙම නායක ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර, කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමේ සූදානමක්

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට...

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න...

අනධ්‍යයන සේවක වර්ජනයෙන් විශ්වවිද්‍යාල දේශන ඔන්ලයින් ක්‍රමයට

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල දේශන කටයුතු ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදුකෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...