32 C
Colombo
Friday, March 31, 2023

IMF වෙතින් ලැබෙන මුදල හෙළි කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද දින නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව එම නිවේදනයේ දැක්වෙනවා.

එම පහසුකම මාස 48ක් සඳහා ක්‍රියාත්මක වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වන පීටර් බ්රුඅර් සහ මසහීරෝ නොසාකි සැප්තැම්බර් 24 වනදා සිට අද (01) දක්වා මෙරට බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව එම නිවේදනය නිකුත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට “පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණ” සඳහා සහායවීමට එම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වූ බවයි සඳහන් වන්නේ.

“නව විස්තීර්ණ අරමුදල් පහසුකම ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාව සහ ණය තිරසර බව ඇතිකිරීමට උදව් වෙයි. එමගින් රට තුළ මුල්‍ය ස්ථායිතාව ඇතිකරමින් දූෂණ අවදානම අඩුකරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධන තවත් වර්ධනය කිරීමට උපකාරී වෙයි.” යැයි එහි වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...