31 C
Colombo
Saturday, May 18, 2024

ටිරාන්ට එරෙහිව නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලීමක් කරලා

- Advertisement -

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අපරාධකරුවන් මර්දනය සඳහා ගිනිඅවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින් නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර තිබුණා.

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(29) එම සංගමය සඳහන් කළේ ඊට අදාළව සිය සංගමයේ මහ සභාවේදී යෝජනාවක්ද සම්මත කරගත් බවයි.

අපරාධ කල්ලි මර්දනයට ගිනි අවි භාවිත කිරීමට පසුබට නොවන ලෙස පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස් නිලධාරීන් අමතමින් සදහන් කළේ ක්ෂණික විහිදුම් යතුරුපැදි බලකායේ නිලධාරීන් විසිර යාමේ උත්සවයේදී. 

උක්ත ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළකරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ක්‍රියාමාර්ගවලින් තොර අත්තනෝමතික දණ්ඩනය දිරිගන්වන ප්‍රකාශයක් සිදුකළ බවට චෝදනා කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට එරෙහි යෝජනාවක් එහි මහ සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා.

ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ  ටිරාන් අලස් මහතා එම ප්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බවයි.

නොසැලකිලිමත් ලෙස පුන පුනා කරන ප්‍රකාශ මගින් තවදුරටත් එම අමාත්‍යධූරය දැරීමට නුසුදුසු බව පෙන්නුම් කරන බැවින් ඔහු වහාම මහජන ආරක්ෂක අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස සිය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එහි සඳහන්. 

.

RECENT ARTICLES - SINHALA

කාවිංග පෙරේරා රනිල්ගේ දෑත ශක්තිමත් කරන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. ඒ අද (18) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ...

තායිලන්ත තානාපති සහ අගමැති අතර හමුවක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ තායිලන්ත තානාපති පයිටූන් මහපන්නපොන් මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. අරලියගහ මන්දිරයේ පැවති මෙම සාකච්ඡාවේ දී තායිලන්ත අග්‍රාමාත්‍යවරයාට සහ නව විදේශ...

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ අයෙක් ගැන විමර්ශනයක්

කන්තලේ මහේස්ත්‍රාත්වරයාට දුරකථන ඇමතුම් මඟින් තර්ජන කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට පවසමින් කන්තලේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...