31 C
Colombo
Saturday, June 10, 2023

ව්‍යාජ ප්‍රවෘත්ති යැයි කියා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය

- Advertisement -

ශ්‍රී ලංකා පොලීසිය විසින් සමාජ මාධ්‍ය ඔස්සේ “ව්‍යාජ ප්‍රවෘත්ති, ඡායාරූප, අසමගිය ඇති කරන වීඩියෝ පට, වෛරය සහ කොවිඩ් -19 වැඩසටහනට බාධා කිරීම්” පිළිබඳ පුවත් පළකරන්නන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය විරෝධය සහ කණසල්ල පළ කිරීමට කටයුතු කර තිබේ.

වෛරී කථනය හා ප්‍රචණ්ඩත්වයට පොළඹවා ගැනීම සම්බන්ධ නීති ක්‍රියාත්මක කිරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති නමුත් බලධාරීන් එවැනි නීති භාවිතා නොකිරීමට වගබලා ගැනීම වැදගත් බව එම සංගමයේ විධායක කමිටුව මෙහිදී පෙන්වා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ අංශය විසින් නීති උල්ලංඝනය කරන්නන් නිරීක්ෂණය කරමින් පරීක්ෂණ පවත්වන බවට අනතුරු ඇඟවීමක් එම චක්‍රලේඛය මඟින් සිදු කෙරිණි.චක්‍රලේඛයේ සඳහන් නීතිවල විධිවිධාන, පොලිස් නිලධාරීන් විසින් අනිසි ලෙස භාවිතා කළ හැකි බවට නීතිඥ සංගමය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටී.

ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීමෙන් වළකින ලෙසත්, ඒ සඳහා ආධාර කිරීම හෝ අනුබල දීමෙන් වළකින ලෙසත් මෙම චක්‍රලේඛය මහජනතාවට අනතුරු අඟවයි.

කොවිඩ්-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස රට සංචාරක සීමාවන් යටතේ පවතින මොහොතේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ විසම්මුතියට හා එකඟ නොවීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය බව එම සංගමය නිවේදනය ඔස්සේ පෙන්වා දී තිබේ.

RECENT ARTICLES - SINHALA

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

පොලිසිය සමන්ගේ බ්‍රේස්ලට් එකත් අරන් – නීතීඥ සේනක පෙරේරා

2023 ජනවාරි 10 දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ (Police Narcotics Bureau) නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටිය දී මියගිය වෘත්තීය පුහුණු අධිකාරියේ සේවය කළ අන්තෝනි...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...