30 C
Colombo
Thursday, June 8, 2023

“මේ රටේ ලොකුම ප්‍රශ්නෙ විනය නැතිකම….!” – නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

- Advertisement -

දරුවන් පිළිබඳව සිතා වැඩවර්ජන වලට යොමුවීමෙන් වැළකී සිටින ලෙසට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

රජය හෝ පොලිසිය සමඟ ඇති ගැටළු සාකච්ඡාමාර්ගයෙන් විසඳාගත හැකි බවයි ඔහු පවසන්නේ.

ඒ, ඊයේ (14) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ගුරුවරුන් නිරෝධායන නීති කඩනොකර ආදර්ශමත් විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. එමෙන්ම, විනය නොමැතිකම ශ්‍රී ලංකාවේ ව්ශාලතම ගැටළුවක් බවත් සෑම දෙයක්ම පහසුවෙන් භාරගැනීමට ජනතාව පුරුදුව ඇති බවත් අමාත්‍යවරයා පවසනවා. මෙවැනි වසංගත සමයකදී එසේ නොකර විනය රකිමින් කටයුතු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම රජයේ පාර්ශවකරුවන් මතු කරන ගැටළු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ එක්ව නිර්මාණය කළ රජය රැකීමේ වගකීම එහි සියලු පාර්ශවකරුවන් සතුව පවතින බවයි.

පහුගිය පාලන සමය තුලදීද ආණ්ඩුව හැදු අය මැදදී ආණ්ඩුව රැකීම නැවැත්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාස්කු ප්‍රහාරය එල්ල වීම, බුද්ධි අංශ දුර්වල වීම ආදිය සිදු වූ බවත් එයට හේතුව තමන් ගැන පමණක් සිතා ආණ්ඩුව ගැන නොසිතීම බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

තමන් තමන්ගේ හිත රිදීමට වඩා ජනතාවගේ හිත රිදුන එක සන්සුන් කළ යුතු බව සිය පෞද්ගලික මතය බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු අනුමැතිය

සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව විසින් අනුමැතිය ලබාදී තිබෙනවා. මේ අනුව අඩු පොලියට...

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...