31 C
Colombo
Sunday, May 26, 2024

බිම්ස්ටෙක් සමුළුව මෙවර ශ්‍රී ලංකාවේ පවත්වනවා

- Advertisement -

පස්වෙනි බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුව මෙම වසර අග භාගයේදී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කරන ආකාරය සහ සාමාජික රටවල සංචරණ සීමාවන් ලිහිල් වන ආකාරය අනුව එම සමුළුව පැවැත්වීමට අපේක්ෂා කරන බවය.

බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩයක් එක්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කර ඇත.

බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන් 17 වන බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් 8ක් ශ්‍රී ලංකාව විසින් පවත්වා ඇති බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

එම රැස්විම්වල ප්‍රතිඵලයන් ලෙස සාමාජික රටවල් සාමූහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික සහයෝගීතාවයට ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුමකටත් එළඹීමට හැකි වූ බව පෙන්වාදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ එම තීරණ පස්වෙනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මතකර ගැනීමට අපේක්ෂා කරන බවය.

කලාපීය අභියෝග හඳුනා ගැනීමට සහ සහයෝගී සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා පවතින බොහොමයක් අවස්ථාවන් ග්‍රහණය කරගැනීමට සාමාජික රටවල් තවදුරටත් සහයෝගීතාව වර්ධනය කරගත යුතු බවද ජනාධිපතිවරයා සිය පණිවිඩය මගින් පෙන්වාදී තිබේ.

RECENT ARTICLES - SINHALA

කැළණි -කලු ගංගාවල ජල මට්ටම ඉහළට

කැලණි සහ කළු ගංගාවල ධාරා ප්‍රදේශ වෙත අද (26) දිනයේ අධික වැසි ලැබුණහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල...

කොළඹ මාර්ග කිහිපයක් අදත් වැසෙයි

කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කිහිපයක් අද (26) රාත්‍රියේත් වසා තබන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,...

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ගැන විජයදාසගෙන් ප්‍රකාශයක්

ජනාධිපතිවරණය මෙම වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාළිය නොහැකි බවත්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව කියා...

POPULAR ARTICLES

ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් ජාතිකයින්ට විශේෂ දැනුම් දිමක්

ශ්‍රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්‍රියා පටිපාටිය...

දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

සංශෝධිත දේශීය ආදායම් පනත අනුව බැංකු, මූල්‍ය ආයතන සහ රාජ්‍ය ආයතන සතු තොරතුරු යොමු කරන ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් අදාල ආයතන වෙත දැනුම්දී තිබෙනවා. නිවේදනයක්...

අනුර එක්ක විවාදෙට මම එනවා.අනුරට මගෙන් නයා ගැන, පැණිය ගැන අහන්න පුලුවන්-දිලිත්

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර ලබන 06 වැනිදා පවත්වන ලද විවාදයට විපක්ෂ නායකවරයා නොපැමිණෙන බැවින් ඒ සදහා...