29 C
Colombo
Saturday, July 27, 2024

අල්ලස් කොමිසමට දේශපාලඥයින් ගැන තියෙන කැක්කුම සාමාන්‍ය මිනිස්සු කෙරෙහි නැහැ – මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ

- Advertisement -

දේශපාලකයින්ට පවරා ඇති නඩු බොහෝමයක් නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාගේම අත්සන් නොමැති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම එම නඩු ඉල්ලා අස්කර ගනු ලැබූවත් එවැනිම තත්ත්වයක් තිබෙන සාමාන්‍ය මිනිස්සුන්ට එරෙහි නඩු විභාග කිරීමට අල්ලස් කොමිසම උනන්දුවක් දක්වන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුවක තීන්දුව ප්‍රකාදයට පත් කරමින්.

ඒ අනුව මහාධිකරණය විනිසුරුවරයා විසින් අදාළ නඩුවේ විත්තිකරුවන් ලෙස නම්කර සිටි හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීහු වශයෙන් කටයුතු කළ නිමල් රෝහණ සෝමවර්ධන හා ආර් .එම් . කරුණාතිලක යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කළා.

මෙම නඩුව පැවරීම සඳහා අල්ලස් කොමිසමේ එක් කොමසාරිස්වරයෙකු පමණක් අනුමැතිය ලබා දී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රදීප් ජයකොඩි මහතාගේ හරස් ප්‍රශ්න වලදී හෙළිවූ කරුණු සලකා බලමින් විනිසුරුවරයා මෙලෙස විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

2009 ජූලි මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැල්ලවායේදී හපුතලේ කම්කරු කොමසාරිස් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් කටයුතු කරමින් සේවක අර්ථසාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපවරා සිටීම සඳහා කැලිස්ටස් ජයසේකර නමැත්තෙකුගෙන් රුපියල් පහළොස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබුණා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...