31 C
Colombo
Saturday, July 27, 2024

ඩාලි නැවේ විෂ අපද්‍රව්‍ය ගැන මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් නැහැ

- Advertisement -

අමෙරිකාවේ බැල්ටිමෝර් වරාය ආසන්නයේ ෆැන්සස් ස්කොට් යතුරු පාලමේ ඉකුත් 26 වනදා ගැටුණු, ශ්‍රී ලංකාව බලා යාත්‍රා කරමින් තිබූ ‘ඩාලි’නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ඒ, අදාළ නෞකාවේ බහාලුම්වල අඩංගුව තිබූ භාණ්ඩ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඒ අනුව, ඊට පරීක්ෂණ මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බව සඳහන් කර සිටියා.

මේ අතර එම නෞකාව අනතුරට පත් වන අවස්ථාවේ දී තුළ ටොන් 746ක් බර විෂ සහිත අපද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් පැවති බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කළා.

එම නෞකාව තුළ ටොන් 746ක් බරැති, විඛාදන, ගිනි ගන්නා සුළු, සංකීර්ණ ද්‍රව්‍ය සහ ප්‍රවාහනයේ දී සැළකිලිමත්විය යුතු පුපුරන ද්‍රව්‍ය, ලිතියම් අයන් බැටරි තිබු බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...