29 C
Colombo
Saturday, July 27, 2024

ගුවන්විදුලි සභාපති පැය දෙකක් කඩුගන්නාවේ හිරකරගෙන ඉදලා

- Advertisement -

කොළඹ සිට නුවර බලා යමින් සිටි ගුවන් විදුලි සභාපති ජයම්පති හීන්කෙන්ද මහතා කඩුගන්නාව පොලිස් මාර්ග බාධකයේ පැය දෙකක කාලයක් රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

පවතින සංචරණ සීමා වාතාවරණය තුළ මාධ්‍ය ආයතන අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ ද තමන් ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා බව පැහැදිලිව පෙන්වාදී තිබිය දීත් අදාළ මාර්ග බාධකයේ සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයා මහනුවරට ඇතුළු වීමට අවසර ලබා නොදුන් බව ගුවන්විදුලි සභාපතිවරයා මේ පිළිබඳ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු මහනුවර වෙත ගමන් කළේ එදින පස්වරුවේ පල්ලෙකැලේ පොලිසිය සමඟ සම්බන්ධ වී පැවැත්වීමට නියමිතව තිබූ සජීවි විකාශයක් හා සම්බන්ධවීමට බවත් ප්‍රමාදය හේතුවෙන් එම වැඩසටහනට සහභාගීවීමට නොහැකි වූ බවත් හීන්කෙන්ද මහතා පවසා තිබේ.

මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඒ මහතා මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් ද සිදු කර තිබේ.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...