27.5 C
Colombo
Wednesday, October 4, 2023

චීන එන්නත බංගලාදේශය ගන්නේ මාත්‍ර්‍රාවක් ඩොලර් 10ට, ඒකම අපි ගන්නේ 15ට – මරික්කාර්

- Advertisement -

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව ඩොලර් මිලියන 07ක් වැඩිපුර ගෙවීමට කැබිනට් අනුමැතිය ගෙන තිබෙන බවත් ලෝක වෙළෙඳපොළේ පවතින මිල ගණන් පසෙකලා මෙලෙස වැඩියෙන් මුදල් ගෙවන්නේ ඇයිද යන්න ගැටළුවක් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසනවා.

සයිනෝෆාම් එන්නතේ මාත්‍රාවක් බංගලාදේශයට ඩොලර් 10 කට දෙන විට ශ්‍රී ලංකාව එම එන්නතම මාත්‍රාවක් ඩොලර් 15 බැගින් මිලදී ගන්නේ ඇයිද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා රජයෙන් විමසා සිටිනවා.

ඒ අනුව මාත්‍රා මිලියන 14ක් ගෙන්වන විට වැඩිපුර ඩොලර් මිලියන 07ක් ගෙවීමට සිදුවන අතර රටේ ආර්ථිකය සී සී කඩ ගොස් තිබෙන අවස්ථාවක මෙලෙස වැඩි මුදලක් ගෙවීමට හේතුව ආණ්ඩුව දැක්විය යුතු බව ඔහු පවසයි.

වැඩියෙන් ගෙවන මුදල යන්නේ චීනයටද නැත්නම් කාගේ හෝ සාක්කුවකටද යන්න ආණ්ඩුව පැහැදිලි කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

ETF, EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එක් කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...