29 C
Colombo
Saturday, July 27, 2024

කොවිඩ් සමයේ වූහාන් නගරය වීඩියෝ කළැයි සිරගත කළ චීන කාන්තාවට නිදහස

- Advertisement -

කොවිඩ් -19 වසංගතය චීනය පුරා ව්‍යාප්තිය ආරම්භ වූ සමය වාර්තා කිරීම සම්බන්ධයෙන් සිරගත කරන ලද චීන පුරවැසි මාධ්‍යවේදිනියක් වසර 4ක සිර දඬුවමකින් පසු සදුදා නිදහස් කිරීමට නියමිතව සිටි බව BBC ප්‍රවෘත්ති සේවය වර්තා කර තිබෙනවා.

ෂැංහයි හි හිටපු නීතීඥයෙකු වන Zhang Zhan 2020 පෙබරවාරි මාසයේදී මධ්‍යම චීන නගරයක් වන වුහාන් වෙත ගොස් තිබුණේ, වර්ධනය වන කොරෝනා වෛරසය පිළිබදව සහ එය පාලනය කිරීමට රජය දරන උත්සාහය ආවරණය කිරීම සඳහායි.

පාලක පක්ෂය වන චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එම තොරතුරු පිටතට ලබාදීම පාලනය කර තිබුණු වාතාවරණයක, ෂැං වැනි මාධ්‍යවේදිනිය විසින් කොරෝනා වෛරසය පිළිබදව වාර්තා කිරීමෙන් පසුව සියළුම දෙනා ඒ දෙස පුළුල් අවධානයක් යොමු කළා.

පසුව 2020 මැයි මාසය වන විට එරට නීතිය යටතේ Zhang Zhan අත්අඩංගුවට ගෙන අධිකරණය විසින් ඇයට වසර 4ක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

Zhang Zhan සිරගතව සිටින කාලය තුළ, ඇයට නියෝග කළ දඩුවමට එරෙහිව සහ ප්‍රතිකාරවලට විරෝධය පළ කරමින් ඇය වරින් වර කරන ලද උපවාසවලින් ඇය මිය යා හැකි යැයි ඇගේ පවුලේ පිරිස, මිතුරන් සහ ආධාරකරුවන් බිය වී තිබූ අතර, 2021 දී ඇයගේ බර රාත්තල් 90 ට වඩා අඩු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් රාජධානියේ ක්‍රියාකාරිකයෙකු වන ජේන් වැන්ග් පසුගියදා පැවසුවේ, ෂැංගේ නිදහස් කිරීම පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...