30 C
Colombo
Sunday, April 14, 2024

විචිත්‍රවත්ව අවසන්වූ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය

- Advertisement -

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය ඉතා විචිත්‍රවත්ව ⁣ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

නවීන තාක්ෂණික ප්‍රයෝග සහ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිකාංගයන්ගෙන් එම විචිත්‍රත්වය ගොඩනංවනු ලැබුවා.

සාම්ප්‍රදායිකව ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවයේදී මැරතන් පිරිමි තරගයේ ජයග්‍රාහකයන්ගේ පදක්කම් ප්‍රදානය සිදුවන නමුත් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවන්ට ද එම ගෞරවය හිමි වුණා.

කොවිඩ්19 තත්ත්වය හේතුවෙන් මෙවර ඔලිම්පික් උළෙලට එක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්⁣ට ඔලිම්පික් ගම්මානයෙන් පිටතට යෑමට අවසර හිමි.වූයේ නැහැ.

ඒ අනුව සති අන්තයේ ටෝකියෝ නගරයේ විචිත්‍රත්වය විදහා දැක්වෙන විශේෂාංගයක් සමාප්ති උත්සවයට එක්කර තිබුණේ එම අත්දැකීම ක්‍රීඩා උළෙලට එක්වූ සියලු දෙනාට විඳ ගැනීම සඳහායි.

මෙහිදී ටෝකියෝ නගරාධිපතිවරයා විසින් ඔලිම්පික් කමිටු සභාපතිවරයාට භාර දෙනු ලැබූ ඔලිම්පික් ධජය මීළඟ ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය දරන ප්‍රංශයේ පැරිස් නුවර නගරාධිපතිවරයා වෙත භාර කෙරුණා.

ඒ වෙනුවෙන් විශේෂ උත්සවයක් පැරිස් නුවර පැවැත්වුණේ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන්.

එම උත්සවයේ සජීව දර්ශනද ටෝකියෝ සමාප්ති උත්සවයේ දී විකාශය කෙරුණා.

ඔලිම්පික් කමිටු සභාපතිවරයා විසින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාප්තිය නිල වශයෙන් නිවේදනය කිරීමත් සමග දින 16ක් පුරා ටෝකියෝ ජාතික ක්‍රීඩාංගණයේ දැල්වුණු ඔලිම්පික් පහන ක්‍රමයෙන් නිවා දැමුණා.

ඒත් සමගින් දර්ශනීය මල්වෙඩි සංදර්ශනයකින් ටෝකියෝ අහස ඒකාලෝක වුණා.

RECENT ARTICLES - SINHALA

වෙළඳුන් 726කට නඩු

උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726 කුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට...

සෞඛ්‍ය අමාත්‍යාංශ​යේ වාහන 679 ක් අතුරුදහ​න්

සෞඛ්‍ය අමාත්‍යාංශය සතු විවිධ වාහන 679 ක් ප්‍රමාණවත් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි පරිදි අස්ථාන ගතවී ඇති බව ජාති​ක විගණන කාර්යාලය අනාවරණය කරනවා. ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය...

ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී කුඩා දැරියක් මරුට

අරලගංවිල රුහුණුගම ප්‍රදේශයේදී ප්ලාස්ටික් ජල ටැංකියක් පෙරලී යාමෙන් සිදුවූ අනතුරකින් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, වැසිකිළියක් මත රඳවා තිබූ ජල ටැංකියක සිට...

POPULAR ARTICLES

2024 අවුරුදු නැකැත් සීට්ටුව මෙන්න

හෙට (13) රාත්‍රියේ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීම සඳහා මේ වනවිට ශ්‍රී ලංකිකයින් සූදානම් වෙමින් සිටිනවා. රාජ්‍ය නැකත් කමි­ටුව මඟින් සකස් කරන...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...

තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය තුළ සිපෙට්කෝ ඉන්ධනහල් මගින් අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව...