31 C
Colombo
Saturday, July 27, 2024

සැහැල්ලු දුම්රිය අහෝසියේ ප්‍රතිවිපාක ඉදිරියේදී – ආචාර්ය දුනුසිංහ

- Advertisement -

කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය අහෝසි කිරීම දේශපාලනික අරමුණු පදනම් කරගත් වැරැදි තීන්දුවක් යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ‘නිව්ස් 19’ ට පැවැසීය.
මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැක්කේ ඊළඟ සියවස සඳහා රට සූදානම් කරන නවීකාරක ව්‍යාපෘතියක් හැටියට යැයි ද එය අහෝසි කිරීමේ ආර්ථික මෙන්ම දේශපාලනික ප්‍රතිවිපාකවලට ලංකාව ගොදුරු වනු ඇතැයි ද ආචාර්ය දුනුසිංහ මහතා කීය.

පැවැති ආණ්ඩුව සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අහෝසි කිරීමට ආණ්ඩුව දක්වන තර්ක පදනම් විරහිත යැයි චෝදනා කළ හෙතෙම දේශපාලන පදනමින් විදේශ ව්‍යාපෘති බැහැර කිරීම ප්‍රතිපත්තිය කරගතහොත් ආධාර දෙන රටවල් ඉදිරියේදී ලංකාව බැහැර කරනු ඇතැයි අනතුරු ඇඟවීය.

ඩොලර් බිලියන 1.5 ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිමකිරීමට සැලසුම් කල කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ (LRT) ව්‍යාපෘතිය අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කළ අතර ඊට වන්දි වශයෙන් මේ වනවිට ලංකාව රුපියල් කෝටි 627ක් ජපාන සමාගමට ගෙවීමට සූදානම් බව වාර්තා වේ.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...