27 C
Colombo
Saturday, June 10, 2023

සල්ලි අච්චු ගහලා රට ගොඩ ගන්න බෑ..!

- Advertisement -

මුදල් අච්චු ගැසීමෙන් ආර්ථිකය නග සිටුවිය හැකි නම් ශ්‍රී ලංකාව මේ වන විට ස්විට්සර්ලන්තයද පසුකොට තිබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ඒ අද (18) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පවතින ආර්ථික ක්‍රමය අසාර්ථක බව පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ මෙම ක්‍රමය දිගින් දිගටම පවත්වාගෙන යාම ඉතාමත් අහිතකර බවද පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා මෙරට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමක් සිදු කිරීම මගින් මෙම ණය අර්බුදයෙන් මිදිය යුතු බවත් ඉන් අනතුරුව පවතින අහිතකර මූල්‍ය ක්‍රමය වෙනස් කාළ යුතු බවත් ඔහු අවධාරණය කර සිටිනවා,

චීනය විශ්වාස කරමින් ඔවුන් හරහා ආර්ථික ගැටළුවෙන් ගොඩ ඒමට රජය කල්පනා කළද එයද අසාර්ථක වී ඇති බවත් විකල්ප වැඩපිළිවෙලක් සඳහා වන යෝජනා වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට යොමුකිරීමට සූදානම් බවත් හිටපු අමාත්‍යවරයා පවසනවා.

මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තරුණ තරුණියන් විශාල වශයෙන් විදෙස් ගත වීමට සූදානමෙන් සිටින බවත් එම තත්වය වෙනස් කිරීම සඳහා ආර්ථිකය ගොඩනැගීම රජයක වගකීම බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.