27.9 C
Colombo
Tuesday, May 13, 2025

ගෝල්ෆේස් වගේ අමිහිරි සටන් රටට ඕනෙ නෑ..! – අනුර

- Advertisement -

ගෝල්ෆේස් අරගලය වැනි ‘බාග ජයග්‍රහණ’ ගෙනෙන සටන් මේ රටට තවදුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරයේ අවධාරණය කර සිටිනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (13) පැවති එම පක්ෂයේ ඉල් මහ විරු සමරුව අමතමින්.

“මේ ආර්ථික ගමන් මග විසින් පීඩාවට පත්වෙන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි සටනක් දියත් කරන්න ඕනෙකම තිබෙනවා. වෙන වෙන සටන් නෑ හොඳේ … කට්ටිය කියනවා කට්ටියක් එක්ක පාරට බහිමු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලා. ඔය බැස්සෙ … ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එක කට්ටියක් එක්ක, ආර්ථිකය වෙනුවෙන් තව කට්ටියක් එක්ක, හොරකම්වලට විරුද්ධව තව කට්ටියක් එක්ක, එහෙම තියෙනවාද සටන් ? අද සැබෑ ජනතාවාදී කඳවුරට එරෙහිව ඩුප්ලිකේට් කඳවුරු හදන කුමන්ත්‍රණයක් තිබෙනවා. ජනතාව සංවිධානය නොවෙන, අරමුණක් නැති, ඉලක්කයක් නැති ඕනෑම සටනක් අමිහිරි අත්දැකීම්වලින් කෙළවර වෙනවා. ඒක තමයි පසුගිය ගෝල්ෆේස් සටන. ඉලක්කය පැහැදිලි නෑ. බාග ජයග්‍රහණ. මේ රටට තවදුරටත් අවශ්‍ය බාග ජයග්‍රහණ නෙවෙයි”

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...