30.7 C
Colombo
Tuesday, April 23, 2024

දමිතාගේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරලා

- Advertisement -

ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීන්දු කර තිබෙනවා.

ඒ, විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

දමිතා අබේරත්න සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරු මඩුල්ල පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට තීරණය කරමින් පෙත්සම විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම යළි මැයි මස 16 වනදා කැඳවීමට නියම කෙරුණා.

RECENT ARTICLES - SINHALA

තවත් පිරමීඩ යෝජනා ක්‍රම 8ක් ගැන මහ බැංකුවෙන් දැනුම්දිමක්

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක...

මොරගහහේන වෙඩිතැබීම ගැන තවත් තොරතුරු හෙළි වෙයි

මොරගහහේන, මිරිස්වත්ත ප්‍රදේශයේදී අද (23) අලුයම 02.00ට පමණ අණ නොතකා ධාවනය කළ ත්‍රිරෝද රථයකට පොලිසිය වෙඩි තබා තිබුණා. දොම්පේ දෙස සිට පැමිණි ත්‍රීරෝද රථයක්...

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි

දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියදී අභාවප්‍රාප්ත වු...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...