30 C
Colombo
Friday, May 17, 2024

ඇමති විජේදාස ගැන අධිකරණය ගත් තීරණය

- Advertisement -

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් පසුගියදා නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද? නැත්ද ? යන තීරණය මේ මස 07 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්.ඒ සමරකෝන් මහතා ඉදිරියේ සලකා බැලීම සිදුකෙරුණා.

එහිදී පෙත්සම්කාර විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය සම්පූර්ණයෙන්ම වැරදි සහගත බව පෙන්වා දුන්නා.

එවැනි අවස්ථාවක ඊට එරෙහිව ඉදිරිපත් කෙරෙන මෙවැනි ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ බලය පක්ෂයේ විධායක සභාව සතුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කිරීමේ තීරණය ඉකුත් අප්‍රේල් මස 20 වනදා සාමාජිකයින් 246 කින් සමන්විත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ සාමාජිකයින් 141 කගේ අනුමැතියෙන් සම්මත කෙරෙනු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ ලේඛන පවතින බවත් කියා සිටියා.

එම විධායක සභා රැස්වීම සඳහා සාමාජිකයින් 119 දෙනෙකු භෞතිකව පැමිණ වැඩබලන සභාපති ධුරය සඳහා සිදුකල පත් කිරීම අනුමත කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුකූලව නීත්‍යානුකූල අයුරින් සිදුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරනය කළා.

නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ පත් කිරීමට ගනු ලැබූ තීරණය වාරණය කරමින් කොළඹ දිසා අධිකරණය දුන් නියෝගය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සභාපතිවරයා පත් කිරීමේ බලය එහි දේශපාලන මණ්ඩලයට නොමැති බවත් ඒ අනුව වැඩ බලන සභාපතිවරයා ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පත් කිරීමේ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්
ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

දේශපාලන මණ්ඩලයේ සාමාජිකයින් තුන් දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩබලන සභාපතිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන තිබෙන අතර එම පත්වීම් සම්පූර්ණයෙන්ම බල ශූන්‍ය බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නා.

ඉන් අනතුරුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍යවරුන් වූ මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර විසින් මූලික විරෝධතා මතු කරමින් සදහන් කළේ මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.

දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙන අවස්ථාවක එය විසුරුවා හරින ලෙස මුලින්ම ඉල්ලා සිටිය යුත්තේ දිසා අධිකරණය හමුවේ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ නොකොට සෘජුවම අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙවැනි ඉල්ලීමක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ උත්තරීතර මණ්ඩලය දේශපාලන මණ්ඩලය මිස පක්ශ විධායක සභාව නොවන බවත් පක්ෂයේ සියලු තීන්දු තීරණ ගැනීමේ බලය පක්ෂයේ දේශපාලන මණ්ඩලය වෙත පැවරී තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

පක්ෂ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් මතු වුවහොත් එය නිරාකරණය කිරීමේ බලයද දේශපාලන මණ්ඩලය සතු වේ.

ඒ අනුව පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ පත් කිරීමට පක්ෂ විධායක ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු නොවන හෙයින් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස ඔහු පත් කිරීම මුලුමනින්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් විජයදාස රාජපක්ෂගේ මාසික වැටුපෙන් 3000/- ක මුදලක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාර්තු මාසය සඳහා වූ පක්ෂ සාමාජික ගාස්තු වශයෙන් අඩු කරගෙන තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

ඒ අනුව විජේදාස රාජපක්ෂ මහතා තවදුරටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන ආකාරය තහවුරු වන බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අවින්ද රුද්‍රිගු මහතා කරුණු දක්වමින් පෙත්සම්කරු සඳහන් කරන ආකාරයට දිසා අධිකරණය විසින් නිකුත් කළ වාරණ නියෝගය වැරදි සහගත නම් ඊට එරෙහිව මෙවැනි ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට නීතියෙන් අවකාශ නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරුවරයා මෙම පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව සහ දිසා අධිකරණ විසින් නිකුත් කළ වාරණ නියෝගය අත් හිටුවන අතරු නියෝගයක් නිකුත් කරන්නේද? නැද්ද? යන තීන්දුව ප්‍රකාශ කිරීම මේ මස 07 වනදා සිදු කරන බවත් නිවේදනය කළා.


RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...