31 C
Colombo
Saturday, July 27, 2024

ක්‍රිකට් කොන්ත්‍රාත් අර්බුදය විසඳෙයි

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

මීට හේතු වී ඇත්තේ එංගලන්ත සංචාරය නිම කර පැමිණි සියලු ක්‍රීඩකයින් ඉදිරි වසර සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තැබීමයි.

තරඟ සංචාරය නිමවා ඊයේ (06) සවස දිවයිනට පැමිණි ක්‍රීඩකයින් හට ගිවිසුමට අත්සන් තැබීම සඳහා ක්‍රිකට් ආයතනය මගින් අද උදෑසන 8 දක්වා කාලය ලබාදී තිබුණා.

එම කාලය තුල ගිවිසුම් ගත නොවන ක්‍රීඩකයින් ඉදිරි ඉන්දීය තරඟාවලියට ඇතුලත් කර නොගන්නා බවටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනතුරු අඟවනු ලැබුවා.

කෙසේ වෙතත් දිවයිනට පැමිණි සියලු ක්‍රීඩකයින් ලබා දී තිබූ කාලය ඉකුත් වීමට පෙර ඉදිරි වසර සඳහා වන ක්‍රීඩක ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ඔවුන් වර්ග කිරීමේදී අනුගමනය කළ ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි පාරදෘශ්‍යභාවයක් නොතිබූ බව පවසමින් ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව කණ්ඩායම එංගලන්ත සංචාරය සඳහා පිටත්ව ගියේ තරගාවලි ගිවිසුම (Tour Contract) පමණක් අත්සන් කරමින්.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...