31 C
Colombo
Saturday, June 10, 2023

තෙල් ටැංකිය තමා දැවි තෙල් කාන්දුවට වැරදිකරු..! – අමාත්‍ය වාසුදේව

- Advertisement -

කොළොන්නාව දැවිතෙල් කාන්දුවට වැරදිකරු එම තෙල් ටැංකිය වන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

අදාල තෙල් කාන්දුව සම්බන්ධයෙන් වැරදිකරු කවුරුන්ද යන්න විමසීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ ඊට වගකිව යුතු වන්නේ තෙල් ටැංකිය වන බවයි. එම වීඩියෝව පහළින්..

https://www.facebook.com/news19.lk/videos/3839402132849713

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ පිහිටා ඇති දැවි තෙල් ගබඩා කරන භූ ගත ටැංකියකින් කාන්දු වු දැවි තෙල් අධික වර්ෂාව හේතුවෙන් ජලය සමඟ මිශ්‍ර වූ අතර දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවදානමක්ද මතුවූ බව ල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියා .

දැවි තෙල් මිශ්‍රණ අඩංගු ඉන්ධන වැසි ජලය හරහා කැළණි ගඟට මුසු වීමේ අවදානමක් එතෙක් ඇතිවී නොමැති බවට බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල මහතා විසින් ප්‍රකාශයක් සිදු කළ අතර පසුව එම තත්ත්වය නිරික්ෂණය කිරීමට එම ස්ථානයට ගිය උදය ගම්මන්පිල මහතාට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා.

ඔවුන් පැවසුවේ පවත්නා තත්ත්වය නිරීක්ෂණය කිරීමටත් පෙර අමාත්‍යවරයා මාධ්‍ය වටකරගනිමින් ඔවුන්ට අදහස් දැක්වීමට කටයුතු කළ බවයි.

RECENT ARTICLES - SINHALA

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...