ශ්‍රී ලංකා පළමු T10 තරගාවලිය ලබන දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා පැවත්වීමට සැලසුම් කර තිබෙනවා.
කණ්ඩායම් 06 කගේ සහභාගීත්වයෙන් තරගාවලිය මෙරට ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩාංගණවලදි පැවත්වෙන බව නිවේදනයක් නිකුත් කරමින් T10 ග්ලොබල් ස්පොට්ස් ප්‍රකාශ කළා.
ඒ අනුව එක් කණ්ඩායමක් සඳහා විදෙස් ක්‍රිඩකයින් 06 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් 16 දෙනකුගෙන් යුත් සංචිතයක් සහභාගී වීමට නියමිතයි.