30 C
Colombo
Friday, May 17, 2024

කොළඹ මහා නගර සභාවේ හිඟ ආදායම මිලියනය පනී

- Advertisement -

කොළඹ මහනගර සභා සීමාව තුළ රථ ගාල් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතන 38ක් මඟින් කොළඹ මහ නගර සභාවට අය විය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බව හෙළි වී තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී අනාවරණය වුණේ 2021 වර්ෂය අවසන් වන විට නගර සභාවට අය විය යුතු හිඟ ආදායම රුපියල් මිලියන 265.5 ක් බවයි

කොළඹ මහ නගරසභාවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේදී අවධානයට ලක් වුණා

එහිදී අනාවරණය වුණේ කොළඹ මහ නගරසභාවේ 2022 වර්ෂයට අදාළව අය නොවූ හිඟ ආදායම් මුදල රුපියල් මිලියන 6,280 ක් බවයි.

මීට අමතරව 2020 වර්ෂයේ රුපියල් මිලියන 5,386.4 ක් සහ 2019 වර්ෂයේ රුපියල් මිලියන 4,481.5ක අයවිය යුතු හිඟ ආදායම් පවතින බවද මෙහිදී අනාවරණය වුණා.

එමෙන්ම කොළඹ මහ නගරසභා සීමාව තුළ රථගාල් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික ආයතන 38කින් 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට නගරසභාවට අය විය යුතු හිඟ ආදායම රුපියල් මිලියන 265.5 ක්.

මීට අමතරව වරිපනම් බදු,කුළී සහ වෙනත් බදු වශයෙන් ද හිඟ මුදල් නගර සභාවට ගෙවීමට ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

මුහුදුබඩ ප්‍රදේශවල විටින් විට තද වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. කල්පිටිය සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට සිට...

ලංකාවට පරීක්ෂණ නැව් නොඑන්නේ ඇමරිකාවේ වුවමනාවට – ගම්මන්පිල

ශ්‍රී ලංකාවේ මීළඟ අමෙරිකානු තනාපතිනිය ලෙස නම් කර ඇති එළිසබෙත් හොස්ට් මහත්මියගේ පත්වීම පිළිනොගන්නා ලෙස උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරයා පෙන්වා දී...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...