28 C
Colombo
Saturday, July 27, 2024

ධම්මික පැණියට සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදුන් කතාව බොරුවක්

- Advertisement -

කෑගල්ලේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නැමැත්තා සොයාගත් බව කියන කොරෝනා මර්දන පැණියට තවමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරිපත් කර ඇතත් වැඩිදුර පර්යේෂණ සදහා පමණක් අනුමැතිය ලබාදී ඇතත් එය ඖෂධයක් ලෙස භාවිතා කිරීමේ අනුමැතියක් තවමත් ලබාදී නොමැති බව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරනවා.
ඔවුන් පවසන්නේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියද මෙය සනාථ කල බවයි.
දේශීය වෛද්‍ය ක්‍රමය යටතේ නව ඖෂධයක් සොයාගත් විට ඒ සම්බන්ධයෙන් අනුමැතිය ලබාදීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සූත්‍ර කමිටුවක් පිහිටුවා තිබෙනවා.
එම කමිටුවේ ප්‍රධානියා වන්නේ ආයුර්වේද කොමසාරිස්වරයායි.
ඔවුන් මාසයකට වරක් රැස්ව නව දේශීය ඖෂධ සම්බන්දයෙන් තීන්දු තීරණ රැගෙන ඒවා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ප්‍රසිද්ධියට පත්කිරීමට කටයුතු කරනවා.
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය තවමත් ඖෂධයක් ලෙස හදුනාගෙන නොමැති නිසා එය ඖෂධයක් ලෙස දේශීය වෛද්‍යවරුන්ට නිර්දේශ කිරීමට හැකියාවක් නොමැති බවයි.

ඊට අදාල දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

රනිල් බැසිල් හමුවෙදි මොකද වුණේ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පසුගිය බ්‍රහස්පතින්දා (25) පැවත්වුණා. මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා...

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...