33 C
Colombo
Monday, May 13, 2024

මන්ත්‍රීලටත් ආර්ථිකය අමාරුයි.වාහනත් විකුණලා

- Advertisement -

ආර්ථික ගැටලු හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට ආසන්න පිරිසක් සිය සුඛෝපභෝගි ලොකු වාහන වෙනුවට ඉතා අඩු මිල ගණන් සහිත කුඩා වාහනවලට යොමුවී සිටින බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග පවසන බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.

අධික ඉන්ධන මිල, සේවා ගාස්තු සහ නඩත්තු වියදම් හේතුවෙන් ඔවුන් මෙසේ කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එසේම අධික ඉන්ධන වියදම් හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගිවීම මෙන්ම විවිධ උත්සව සඳහා සහභාගිවීමද සීමා කර තිබෙන බව මන්ත්‍රීවරු කීපදෙනෙක් පවසා තිබෙනවා.

තවද මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බස් රථ, දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කිරීමට පෙළඹී සිටින බවත් සමහර මන්ත්‍රීවරුන් තමන් සතුව පැවති ලොකු වාහන විකුණා දමා තිබෙන බවත් සඳහන් වනවා.

RECENT ARTICLES - SINHALA

මාතර වෙරළේ දැවැන්ත තල්මස් සිරුරක්

මාතර ගොඩඋඩ වෙරළතීරයට මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබෙනවා. මෙලෙස ගොඩගසා ඇති තල්මස් සිරුර දිග මීටර් 5ක් පමණ වන බවයි වාර්තා වෙන්නේ. මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ...

‘චන්ද්‍රපාල’ සොයා විදුරගෙන් මෙහෙයුමක්

සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වන අසභ්‍ය වචන ඇතුළත් ගීතයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික කටයුතු...

සා.පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න කිහිපයකට නිදහස් ලකුණු දීමට තීරණය කර තිබෙනවා. ඒ, බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...

වාහන ආනයනය කරන්න අවසර තියෙන්නේ පිරිසකට විතරයි-ශෙහාන් සේමසිංහ

වාහන ආනයනය ලබන වසරේ සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එය ක්‍රමානුකූලව සිදුකිරීමට සැලසුම් කර ඇති බව...