28 C
Colombo
Saturday, May 4, 2024

2023 දී ආර්ථිකය යථා තත්ත්වයට..! – මහ බැංකුව

- Advertisement -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විස්තීරණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේ දී, 2023 වසරේ අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

“මෑත කාලීන ආර්ථික ප්‍රවණතා – 2022 සුවිශේෂී සිදුවීම් සහ 2023 අපේක්ෂා“ ප්‍රකාශනය නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව සඳහන් කර සිටිනවා.

මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටියි,

“කෙසේවෙතත් කාලෝචිත ලෙස, ආර්ථිකයෙහි සියලු අංශ ආවරණය කෙරෙන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයින් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනෙහි සාර්ථකත්වය පදනම් වන අතර, ඒ සඳහා දරන ප්‍රයත්න දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන්ට අදාළ වෙනස්කම්වල බලපෑම්වලින් තොරව සිදුවීම සහතික කළ යුතුය. ඉදිරි තීරණාත්මක කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස ජාතික ප්‍රතිපත්තීන් නොවෙනස්ව පවත්වා ගැනීම, බාහිර කම්පනවලට ඔරොත්තු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමඟින් මැදි කාලීනව ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීමට අත්‍යාවශ්‍ය වේ.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...