25 C
Colombo
Wednesday, September 27, 2023

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

- Advertisement -

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද වැටී මිය ගොස් ඇති බව වරාය පොලීසිය පවසනවා.

මුහුදට ඇද වැටුණු ප්‍රධාන ඉංජිනේරුවරයා නෞකාවේ කාර්ය මණ්ඩලය විසින් වහා ගොඩට ගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ ලිතුවේනියානු ජාතික 62 හැවිරිදි ප්‍රධාන ඉංජිනේරුවරයෙක්.

අයහපත් කාලගුණික තත්වය නිසා මෙම නෞකාව පසුගිය 29 වැනිදා සිට ගාල්ල ධීවර වරායේ නැංගුරම් ලා තිබෙනවා.

භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා ඉහල මහලට නැග කිසියම් කටයුත්තක නිරතව සිටියදී මුහුදට ඇද වැටී තිබෙන බවට තොරතුරු වාර්ති වූ බව පොලීිසිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

රනිල් ජර්මනියට ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ජර්මනිය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙම සංචාරයේ අරමුණ...

ජංගම දුරකථනයක් නිසා තරුණයෙකුට දිවි අහිමි වෙයි

මහනුවර - තෙල්දෙණිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු එහි ගොඩනැගිල්ලක සිව්වන මහලෙන් බිමට පැන ඊයේ (26) අලුයම සියදිවි හානිකර ගෙන තිබෙනවා. මෙම...

CIDයේ වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැසිකිළියක් තුළ තිබී වේදනානාශක ඖෂධ පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අවස්ථා තුනකදී එලෙස වේදනානාශක ඖෂධ පෙති සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා. එම ඖෂධ...

POPULAR ARTICLES

බැංකුවල ණය පොළී අනුපාතයේ වෙනසක්

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සාමාන්‍ය ණය දීමේ අනුපාතිකය මේ සතියේ තවත් පදනම් අංක 40 කින් සියයට 14.81 දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට...

සිනොපෙක් එකටත් වඩා අඩුවෙන් තෙල් දෙන RM පාර්ක්ස්

එක්සත් ජනපදයේ RM Parks සමාගම ලබන මස සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. RM Parks සමාගම යනු ලෝ...

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කෙරේ

ඉන්දියාවේදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව කණ්ඩායමේ නායකයා ලෙස සුපුරුදු පරිදි කටයුතු කරන්නේ දසුන්...