ලොව විශාලතම පවුලේ ප්‍රධානියා යැයි විශ්වාස කරන 76 හැවිරිදි සියෝනා චානා (Ziona Chana) ඉන්දියාවේ මිසෝරාම් ප්‍රාන්තයේ දී මියගොස් තිබේ.
බහුභාර්යා සේවනය කළ චානා ආගමික නිකායක ප්‍රධානියෙකු වේ.
ඔහුට භාර්යාවන් 38 දෙනෙක් සහ දරුවන් 89 ක් සිටින අතර මුනුබුරු මිනිබිරියන් 36 දෙනෙකු ද ඔහුගේ පවුලට අයත් වේ.
ට්විටර් වෙබ් අඩවියේ ශෝකය ප්‍රකාශ කරමින් මිසෝරාම් මහ ඇමති සෝරම්තංග විසින් ලොව විශාලතම පවුලේ පියා මිය ගිය බවට වන පුවත සනාථ කළේය.
ඔහු දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටින බව වාර්තා විය.
පවුල අයත් වන්නේ කිතුනු නිකායකට වන අතර ඔහු වටා අනුගාමිකයන් 2,000 ක් පමණ සිටින බව පැවසෙයි.
ඔවුන් සියල්ලෝම මිසෝරාම් අගනුවර වන අයිසාවල් සිට සැතපුම් 34 ක් දුරින් පිහිටි Baktawng ගම්මානයේ චානාගේ නිවස වටා වාසය කරති.
පිරිමින්ට බහු විවාහයට ඉඩ සලසන මෙම නිකාය 1942 දී චනාගේ සීයා විසින් ආරම්භ කරන ලද්දකි.