28 C
Colombo
Saturday, July 27, 2024

විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විරෝධය දක්වයි

- Advertisement -

කොළඔ විශ්වවිද්‍යාලයේ විවිධ පිඨයන්ට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩි පිරිසකට සහ විශේෂ අවශ්‍යතා සහිත ශිෂ්‍යාවන් වෙනුවෙන් නේවාසික පහසුකම් සැපයීමට කොළඔ විශ්ව විද්‍යාලය දීර්ඝ කාලයක් තිස්සේ භාවිතා කරමින් සිිිිටි කොළඔ 02, මුත්යියා පාරේ නේවාසිකාගාර ගොඩනැගිල්ල සහිත අක්කර 2.5 ක ඉඩම අසාධාරණ සහ අත්තනෝමතික ලෙස නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්පත් කර ගැනීමට දරනු ලබන උත්සහයට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාලීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනයක් නිකුත් කර ඇත.

අදාල නිවේදනය නොවැම්බර් 15 වන දින නිකුත් කර ඇත.

කොළඔ විශ්වවිදයාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනටමත් දැඩි නේවාසික පහසුකම් අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත්, නාගරික සංවර්ධන අධිකාරිය මෙම ඉඩම අත්පත් කර ගැනීමට දරන උත්සහයට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලිඛිතව ඒ් පිළිබඳව අදාල බලධාරීන් දැනුවත් කළ බවත් එම නිවේදනයේ සදහන් වේ.

මේ ආකාරයෙන්ම කොළඔ 07, බෞද්ධාලෝක මාවතට යාබදව පිහිටි ග්‍රහලෝකාගාරය ආසන්නයේ පිහිටි විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයේ කොටසක්ද බලහත්කාරී ලෙස අත්පත්කර ගැනීමට කුසලතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන අමාත්‍යංශය මගින් උත්සහයක් ක්‍රියාත්මක වන බවත් ඒම නිවේදනයේ සදහන්වේ.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...