හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්ගයේ ජීව පතුරම් 30 ක් සොයාගත් බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.
කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත ගිනිඅවිය සොයාගෙන තිබුණා.
සැකකරු පදිංව් හොරණ, කුඩාඋඩුව ප්‍රදේශයේ නිවසෙහි සගවා තිබී ගිනි අවිය සහ පතුරම් සොයාගෙන තිබෙනවා.
මෙම ටී 56 ගිනි අවියේ අංක කිසියම් උපකරණයක් යොදා මකාදමා තිබී ඇති අතර , එය සැකකරුට ලැබුන ආකාරය සහ කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය පවසනවා.
මුදල් පොලියට දෙන බව පැවසෙන ව්‍යාපාරිකයා සුඛෝපභෝගී ජීප් රථයකින් හොරණ ග්‍රේස්ලන්ඩ් වත්ත ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් දෙදෙනකු පැමිණ පසුපස සිටි තුවක්කුකරු රථයට වෙඩි තබා පලාගොස් තිබුණා.