රුසියාවේ නිෂ්පාදිත, ස්පුට්නික් 5 කොවිඩ් 19 වෛරස මර්දන එන්නතේ පළමු මාත්‍රා තොගය අද (4) අලුයම මෙරටට ලැබී තිබෙනවා.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් එන්නත් මාත්‍රා 15,000 ක් මෙරටට රැගෙන ආ බවයි ඖෂධ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසන්නේ.
කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයා විසින් එන්නත් තොගය ගුවන් තොටුපොළේදී රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා හට භාර දුන්නා.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ද එක්ව සිටියා.





