24 C
Colombo
Tuesday, March 21, 2023

වෙලාවකට ඇමරිකාවට අනෙක් වෙලාවට චීනයට ලංකාව පාවිච්චි කරන්න ආණ්ඩුව ඉඩ දෙනවා

- Advertisement -

ඉන්දීයාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්ෂක උපදේශක ලේකම් කාර්යාලයක් ඊයේ (01) කොළඹදී ආරම්භ කෙරිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ වත්මන් රජය වරෙක ඇමරිකාව ප්‍රමුඛ කඳවුරේ වුවමනාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව භාවිතා කිරීමටත් තවත් වරෙක චීනය ප්‍රමුඛ කඳවුරේ අවශ්‍යතාවන් වෙනුවෙන් ශ්‍රී ලංකාව භාවිතා කිරීමටත් අවසර ලබාදෙන තත්වයක් තුළ රටේ ජනතාවගේ ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවයි.

“ඉන්දියාව සහ මාලදිවයින මේ වනවිට ඇමරිකානු හිතවාදී ස්ථාවරයක ඉන්නෙ. ඒ අනුව ඇමරිකානු වුවමනාව අනුව ඉන්දියානු සාගර කලාපය හැසිරවීමට එකඟවීමක් තමයි මේ ගිවිසුමෙන් වෙන්නෙ. මීට කලින් පාකිස්ථානු අගමැතිවරයා ආපු වෙලාවෙ ආණ්ඩුව චීනයේ එක තීරයක් – එක මාවතක් උපාය මාර්ගයට අනුව ඉන්දියානු සාගරය හසුරුවන්න ආණ්ඩුව එකඟ වුණා.

දැන් මේ ආණ්ඩුව කරන්නෙ එක කඳවුරක් ආවාම ඔවුන්ට ලංකාව තමන්ගෙ උපායමාර්ගයට අදාළව පාවිච්චි කරන්න අවසර දෙනවා, පස්සෙ අනිත් කඳවුර ආවාම ඔවුන් එක්කත් ඒ විදියටම එකඟතා වලට එනවා. මේකෙ අවසන් ප්‍රතිඵලය සාගරයේ ආරක්ෂාවත් නැතිවෙලා ජනතාවගේ ආරක්ෂාවත් විනාශ වීම. 1978දී නොබැඳි ජාතීන්ගේ සමුළුව හරහා එකඟ වෙලා තියෙනවා ඉන්දියානු සාගරය සාම කලාපයක් වශයෙන් මූලික එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. මෙවැනි ගිවිසුම් හරහා ඒ එකඟතාවය මුළුමනින්ම කඩවෙනවා”

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.