31 C
Colombo
Sunday, June 4, 2023

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න ආණ්ඩුවට සල්ලි නෑ

- Advertisement -

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය රජයට නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තද දැනට රටේ පවතින අනුව එය ප්‍රායෝගිකව සිදුකිරීමට රජය අපොහොසත් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (27) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත්, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනු කමිටුවක් පත් කිරීමට ඊයේ (26) පැවති කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව රමේෂ් පතිරණ මහතා පවසනවා.

එමෙන්ම, ගුරු-විදුහල්පති වැටුප් සංශෝධනයට අදාළව ලබන අයවැයට යෝජනා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ගුරු – විදුහල්පති සේවය, අධ්‍යාපන පරිපාලන සේවාවන් සංවෘත සේවාවක් බවට පත්කළ යුතුයි කියන ප්‍රතිපත්තිමය තීන්දුවට රජය එකඟ වෙලා තියෙනවා. ඒක ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුබෝදනී කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන්ට වැටුප් සහ කාර්ය සාධන කොමිසමේ එකඟතාවය පළ වෙලා නෑ. ඒ හරහා අනෙකුත් ක්ෂේත්‍රයන් ගණනාවක වැටුප් විශමතාවයන් නැවත ඇතිවිය හැකි නිසා සමස්තයක් ලෙස සලකා විසඳුම් ඉදිරිපත් කළ යුතුයි කියන යෝජනාව ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් අද වැඩිදුරටත් සංගම් සමග සාකච්ඡා කෙරෙන්නේ. ඒ සාකච්ඡා තුළින් අපි බලාපොරොත්තුවෙනවා ගුරුවරුන්ට අදාළ විශමතා ඉවත් කරනවා වගේම රජයේ අනෙකුත් සේවකයින්ගේ වැටුප් විශමතාවයක් ඇති නොවෙන පරිදි එම යෝජනා ක්‍රියාත්මක කරගැනීම සහ යෝජනා මාලාවක් ලබාගෙන කටයුතු කරන්න. එහි පළවෙනි පියවර ඉදිරි අයවැය ලේඛනයට ඉදිරිපත් කරන්න තමයි රජය තීරණය කරගෙන තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...