26 C
Colombo
Thursday, March 23, 2023

අපි මානව හිමිකම් කොමිසමට යාම ගැන වගකියන්න ඕනේ රජය – කතෝලික සභාව

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය මෙරටට බලපෑම් එල්ල කළේ තමන් ඒ පිළිබඳ කළ දැනුවත් කිරීම මත බව මෙරට කතෝලික සභාව පවසනවා.

කොළඹ අගරදගුරු මැදුරේ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳ කළ වාචික කරුණු දැක්වීමේදී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳත් පසුගියදා අදහස් දක්වා තිබුණා.

ඒ අනුව ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදි අදහස් දැක්වු පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික ප්‍රකාශක කමිටුවේ සාමාජික ගරු සිරිල් ගාමිණි පියතුමා,

“අපි මානව හිමිකම් කවුන්සිලයට ගියේ රජයේ ක්‍රියා පිළිවෙත ගැන විශ්වාසයක් නැති නිසා. රට තුළ යුක්තිය ඉෂ්ඨ කරගන්න බැරිනම් එතනින් එහාට යන්න අයිතියක් තියෙනවා. වතිකානය සහ ශුද්ධෝත්තම පියතුමන් ලිඛිතව දැනුවත් කළා. මානව හිමිකම් කවුන්සිලයත් ලිඛිතව දැනුවත් කළා. යුක්තිය ඉටුවෙයි කියලා විශ්වාසයක් නැහැ කියලා. නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබුණා නම් අපිට මානව හිමිකම් කවුන්සලයට යන්න ඕනේ නැහැ. තාමත් එහෙම වෙලා නැහැ. “

මේ අතර මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ කරුණු දැක්වීම පිළිබඳ විදේශ අමාත්‍යාංශ ලේකම් ව්ශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාද අදහස් පළ කළා.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් සදහා ZOOM තාක්ෂණය ඔස්සේ එක්වෙමින්.

විදේශ අමාත්‍යාංශ ලේකම් ව්ශ්‍රාමික අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ,

ජිනිවා කොමිසමේදී මහ කොමසාරිස්තුමියගේ වාර්තාවේ එක තැනක සඳහන් වෙනවා සමහර ආගමික නායකයන් බලාපොරොත්තු වෙනවයි කියලා පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට ඉක්මණින් නීතිය හමුවේ දඬුවම් ලබාදිය යුතුයි කියාලා. කතාවේම තවත් කොටසක සඳහන් වෙනවා ඒ සම්බන්ධයෙන් සිරගතවෙලා ඉන්න කිහිපදෙනෙක්ව නිදහස් කරන්න කියලා. ඉතින් මෙතන මත දෙකක් තියෙනවා. අපිට විරුද්ධව කතා කරන අයගෙත්. මේ පාස්කු කොමිසමේ වාර්තාවේ යම් යම් පිරිස් ගැන සඳහන් වෙනවා ඔවුන්ට නඩු දාන්න කියලා තර්කයක් තියෙනවානේ. නමුත් එහෙම කරන්න බැහැ. ඒ කොමිසම් වාර්තාව නීතිමය වාර්තාවක් නෙමේ. ඒ කොමිසම් වාර්තාවේ එන කරුණු නීතිපතිතුමා පොලීසිය පරීක්ෂණ කරලා, විමර්ශන කරලා තමයි ඉදිරි කටයුතු කටයුතු උසාවියක් හරහා කරන්න තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

තවත් අලුත් බදු දෙකක් එන බව ජනපති කියයි

0
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් වන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...